ආදරණීය අයියේ.........
අමිමා මෙි දවස් ටිකේම අසනීපයෙන් ,අමිමා නිතරම ඔබ ගැන විමසනවා,මා කොතෙක් කීවත් ඔබට මෙි දවස් වල නිවාඩු ලබා ගැනීමට අපහසු බව ඇයට එය තේරෙන්නේ නැති හැඩයි .මොනවා කරන්නද අයියේ ඇයගේ වයසත් එක්ක බැලුවම එයා හරි මුරන්ඩුයි දැන් මම කියන එක පිලිගන්නේම නැහැ.
ඔබ ගිය වර එවු මුදල් අමිමාට බෙහෙත් ගන්නත් මදි වුනා,මොනවා කරන්නද මම මගේ අරැන්ගල් දෙක පොලී මුදලාලිගේ කඩෙිට උකස් කලා,අයියේ ඒ ගැන ඔබ දුක් වෙන්න එපා පසුව අපට බැරියැ එය බෙිරා ගැනීමට
දිගු හුස්මක් ගත් සිරිපාල ලිපියේ ඉතුරු ටික නොකියාම ඉද ගෙන සිටි බංකුවේ පසකින් ලිපිය තැබුවා.
සර්කස් මඩුවෙි විකටයා සිරිපාල නෙතට ආ කදුලු පරිස්සමෙන් පිසදා ගත්තා මුහුනේ ඇදි සායමි බොද වෙි යයි බියෙන්
දුක් සුසුම් වා රැලි සමග මුසු වුවත් දුකින් හදවත හඩා වැටුනත්
මුහුනේ ඇති සායමි මත ඇදි සිනහව එසේම තිබුනා.
මුදලාලි ගෙන් සල්ලි ටිකක් ඉල්ලලා බලන්න ඔිනෙ ,ඔහු තමාටම කියා ගත්තා
ගිය වර ඉල්ලු විටත් මුදලාලි ඇගට කඩා පැන්න නිසා ඒ ගැන වැඩි විශ්වාසයක් නොතිබුනත් නැවත වරක් ඔහුට කියා බලනවා ඔහු සිතුවා.
අමිමා ලෙඩ ඇදේ ඉන්නා සැටි,අමිමා බලා ගන්නා නංගී ඔහුට මැවී පෙනුනා
මම කී දාහක් සිනහගන්වමින් කුල්මත් කරනවද ?
ඒත් මගේ දුකට මා සමග හඩන්න අඩු තරමෙි ඇයිද කියා අසන්නවත් කවුද ඉන්නේ ඔහුට සිතුනා.
Friday, November 18, 2016
Friday, November 11, 2016
කුකුළන් හඬලන්නටත් පෙර අවදි වන තාත්තා මෙිසය උඩ තබා ඇති චිමිනි ලාම්පුව දල්වනවා.ඒ එලියෙන් මා සහ අමිමා අවදි වුවත් අමිමා පමනක් නැගිට කුස්සියට යනවා.
අමිමා ගෙනවිත් දෙන කහට කෝප්පය බී බුලත්විටකින් සප්පායමි වන තාත්තා අමිමා දෙන බත්මුලද රැගෙන වැඩට පිටත් වෙනවා.
එය තමයි තාත්තාගේ දින චර්යාව උනේ.
හිරැට හොරෙන් වැඩට ගොස් තරැද සමග ගෙදරට එනවා.
කාලය ගෙවි ගියා,
මාද ටිකෙන් ටික උස් මහත් වී තරැන වියට පත්වෙන විට තාත්තාද එලෙසම මහලු වියට පත්වෙන හැටි මා දුක මුසු වුනු හැගීමකින් බලා සිටියා.
ඉගෙනුම අවසන් කල මා රැකියාවකට යාමට පටන් ගත්තා.
එවිට මට හැකි වුනා තාත්තාගේ දින චර්යාවට වෙනසක් කිරීමට.
තාත්තා වැඩට යාම නැවැත්වූවා.
මා කරපු රැකියාවට සමුදී විදෙස් ගතවුනා.කාලයත් සෙමින් සෙමින් ගෙවී ගියා නිවාඩුවකට සිතේ සතුට පුරෝගන මවි බිමට
පැමිනියා.
පුරෝගන පැමිනි සතුටට ඉන්න ලැබුනේ දුක ඇවිදින් දොරට තටිටු කරනකමි පමනයි.
තාත්තා හදිසියේ අසනීප වුනා,වෛද්‍යවරයකු වෙත යොමු කිරීමෙන් පසු ඔහුගේ නිගමනය වුයේ රජයේ රෝහලකට යන ලෙසයි.
ලගම රෝහල වෙත රැගෙන ගිය තාත්ත පරීක්ෂා කල වෛද්‍ය වරැන් ඔහුන්ගේ නිගමන මා සමග පැවසුවා.
ඔයාගේ තාත්තාට පිලිකාවක් මෙය සෑහෙන කාලයක සිට තිබිලා.
මම මොනවා කියන්නද ,මම අසා ගෙන සිටියා මට වෙන කරන්න දෙයක් නැහැ අසා ගෙන සිටිනවාට වඩා.
පසුව තාත්තාව පිලිකා රෝහලට මාරැ කලා. දිනපතා තාත්තා බැලීමට යාම මගේ දින චර්යාව උනා ,එසේම එය විය යුත්තක්.
දින සති මාස වලට හැරී මගේ නිවාඩුව ඉවර වීමට සති දෙකක් තිබියදී තාත්තා ගෙදර එක්කර ගෙන ආවා,මාස දෙකකට ටිකක් වැඩියෙන් තාත්තා රොහලේ සිටියේ.
ගෙදරත් සතියක් පමන තමයි සිටීමට හැකි වුනේ ,තාත්තා විදවන හැටි බලා මම සිතින් හැඩුවා , දවසක දහවලේ මා ඇස් ඉදිරියේ ගෙදර සැවෝම මැද එයාගේ සමු ගැනිම සිදු කලා.
රත්තරං තාත්තේ ඔබට නිවන් සුව !
Tuesday, November 8, 2016
ඔහුනගේ මුහුණු වල සිනහවක් තිබුනේ නැහැ,එසේම එම මුහුණු වල වෙිදනාවක්ද මම දැක්කේ නැහැ.
සැප දැක නොමැති දුකට දුක ලෙස නොපවසන ,ඉපිද හැදී මැරෙනා තුරාම දුක විදින ජීවිත.
මම සෙමින් සෙමින් ඇවිදගෙන ගියා තැන තැන කුණු කසළ
පිරුණු වීථි දිගේ
කුණු කාණු වලින් හමනා දුඟද මගේ නාසය පසාරු කරගෙන
ගියත් එම වීදි වල වසන්නන්ට එය සාමාන්‍ය දෙයක් වුනා,දුගඳට හුරැ වු ජීවිත ......
වීථියේ පහන් කණුවකට බරදී අවට විපරමින් බලන
දරැවෙකුට මාගේ නෙත ඇදී ගියා.
නිරැවත වැසුණු මුත් එය ඇදුමක් ලෙස කිව නොහැකි ලෙස
ඉරැනු කුණු වැකුණු ,එය ඔහු සතු එකම සමිපත.
පහන් කණුවට මුවා වී කුතුහලයකින් ඔහු බලනා දෙස මමද බැලුවා .
දරැවා බලමින් සිටියේ.................
Monday, November 7, 2016
මගේ ළමා කාලයේ ,මට සිතෙන්නේ මට අවුරුදු හතක් හෝ අටක් වන විට, ඒ කාලයේ දී මගේ අම්මා මාව ගෙන ගොස් බාර දුන්නා ගමෙි තිබුණු ඉංග්‍රීසි පන්තියට පුතේ ඉගෙන ගනින් ඉංග්‍රීසි ටිකක් කියා,ඒ කාලයේ අපට කියා ගෙයක් දොරක් තිබුනේ නැහැ අපි හිටියේ කුලියට ගත් ගෙයක එය ගමෙි පාර අයිනට වෙන්නට තිබුනා,ඒ අසලම වගේ තමයි තිබුනේ අර මා ගිය ඉංග්‍රීසි පන්තිය.
සිල්වා සර් පංතියේ ඉංග්‍රීසි ගුරැතුමා හරිම සැරයි අතේ වෙිවැල වරදින්නෙම නැහැ,වරදින එක වචනයකට එක කෝටු පාර බැගින් මගේ අම්මේ මම කොචිචර ගුටි කන්න ඇතිද,මට මතකයි මම හොටු හුර හූරා අඬනවා ,හැබැයි කොච්චර ඇඬුවත් කෝටුවෙන් තලන එකනම් එයා නැවැත්වූයේ නැහැ.
මම ඒ දවස් වල පාසල් ඉවර වී ගෙදර එන්නේ පුදුම බයකින්
මොකද හවසට ඉංග්‍රීසි පන්තියට යන්න තිබු බය.
අනේ මම දකින්නේ දැන් දරුවන් ඉංග්‍රීසි ඉගෙන ගන්නා ආකාරය වෙිවැලක් කෝටුවක් පෙනෙන තෙක් මානයක නැහැ.
අනේ මා ඉගෙන ගත් අවදියේ එසේ වුවානමි කියා මට සිතුනා .
ඇත්තටම මට හොදට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට නොහැකි වුනා .
මට බොහෝ විට අමතක වුනා,ඒ අර කෝටු පාරවල් වල සැරට.
කෙසේ හෝ කාලය පියාබා ගියා මමද උස් මහත් වුනා සිල්වා සර් ද වයසට ගියා.
මෙි කාලයේ අපි හිටපු කුලී ගෙදරට සමු දුන්නා,මන්ද මගේ තාත්තා වගා කරමින් සිටි ඉඩමක කුඩා නිවසක් සාදා ගෙන අපි තිදෙනා එනමි අම්මා තාත්තා සහ මම පදිංචියට ගියා.
අද එතන නවීන පන්නයේ නිවසක් ඉදිවෙමින් පැවතුනත් එදා
ගොම මැටි ගා ගෙබිම සැරසු පොල් අතු සෙවිලි කල ඒ පුංචි ගෙදරට මම තවමත් ආදරෙයි.
දින සති මාස අවුරුදු වලට හැරුණා මා පාසල් දිවියට සමුදුන්නා තරමක් හොද ඉගෙනීමක් සමගින් පසුව රජයේ රැකියාවක් ලබා ගැනීමට හැකිවුනා ගමෙන් පිට වුනා.
දිනක් මට රැකියා ස්ථානයෙන් ලැබුනු නිවාඩුවක් මත ගමට පැමිනියා ,එසේ එන මාර්ගයේ දුරටම මා දුටුවා හැරමිටියක වාරැවෙන් සෙමින් සෙමින් පිය නගනා මිනිස් රැවක්,මාද ඔහුද සෙමින් සෙමින් එකි නෙකා ලගට පැමිනුනා,මම අදුර ගත්තා ඔහුව ඒ අර මගේ ඉංග්‍රීසි ගුරැතුමා සිල්වා සර්.
සර් මම සුගත් සර්ට මතක ඇතිනෙ මාව.ආ මොකද මට මතක නැත්තේ එතුමා පිලිතුරැ දුන්නා
සර් මෙි කොහේද යන්නේ මගේ ඊලග පැනය වුනා
සුගත් මම දැන් ඉන්නේ ඔයාගෙ ගෙදරට එහා තියෙන පුංචි ඉඩමෙි තියෙන පැලේ ,හොදයි සර් මම යන්නමි මම සෙමින් කිවිවා.
ගෙදර ඇවිත් මම අම්මාගෙන් අසුවා,මොකද අම්මේ අර සිල්වා සර් අර පැලේද දැන් ඉන්නෙ ?
ඔවි පුතේ පෙලක් වෙලාවට කන්නත් නැහැ අපිත් කෑම ගිහින් දීල තියෙනවා ගමෙි සමහර උදවියත් උදව් කරනවා.
කාලය නැවතත් ගමන් කලා මමත් මගේ රැකියාවෙි කාර්ය බහුල වුනා නැවතත් ලැබුනු නිවාඩුවක් මත ගමට පැමිණියා.
හවස් වරැවෙි ගෙදර අප සියලු දෙනා කතා කරමින් සිටින අතර අම්මා හඬ අවදි කළා .පුතේ සිල්වා සර් මලා
මම ටික වෙලාවකට නිරැත්තර වුනා
අම්මා දිගටම කියා ගෙන යනවා මිනිය හමිබවුනේ ගේ ඇතුලේ තිබිලා දවස් තුනක් විතර එහෙමිම තිබිලා වැස්ස සීතල බඩගින්න අවසානයකට අරන් ගිහිල්ලා.....