Friday, November 11, 2016

කුකුළන් හඬලන්නටත් පෙර අවදි වන තාත්තා මෙිසය උඩ තබා ඇති චිමිනි ලාම්පුව දල්වනවා.ඒ එලියෙන් මා සහ අමිමා අවදි වුවත් අමිමා පමනක් නැගිට කුස්සියට යනවා.
අමිමා ගෙනවිත් දෙන කහට කෝප්පය බී බුලත්විටකින් සප්පායමි වන තාත්තා අමිමා දෙන බත්මුලද රැගෙන වැඩට පිටත් වෙනවා.
එය තමයි තාත්තාගේ දින චර්යාව උනේ.
හිරැට හොරෙන් වැඩට ගොස් තරැද සමග ගෙදරට එනවා.
කාලය ගෙවි ගියා,
මාද ටිකෙන් ටික උස් මහත් වී තරැන වියට පත්වෙන විට තාත්තාද එලෙසම මහලු වියට පත්වෙන හැටි මා දුක මුසු වුනු හැගීමකින් බලා සිටියා.
  ඉගෙනුම අවසන් කල මා රැකියාවකට යාමට පටන් ගත්තා.
එවිට මට හැකි වුනා තාත්තාගේ දින චර්යාවට වෙනසක් කිරීමට.
තාත්තා වැඩට යාම නැවැත්වූවා.
මා කරපු රැකියාවට සමුදී විදෙස් ගතවුනා.කාලයත් සෙමින් සෙමින් ගෙවී ගියා නිවාඩුවකට සිතේ සතුට පුරෝගන මවි බිමට
පැමිනියා.
පුරෝගන පැමිනි සතුටට ඉන්න ලැබුනේ දුක ඇවිදින් දොරට තටිටු කරනකමි පමනයි.
තාත්තා  හදිසියේ අසනීප වුනා,වෛද්‍යවරයකු වෙත යොමු කිරීමෙන්  පසු ඔහුගේ නිගමනය වුයේ රජයේ රෝහලකට යන ලෙසයි.
ලගම රෝහල වෙත රැගෙන ගිය තාත්ත පරීක්ෂා කල වෛද්‍ය වරැන් ඔහුන්ගේ නිගමන මා සමග පැවසුවා.
ඔයාගේ තාත්තාට පිලිකාවක් මෙය සෑහෙන කාලයක සිට තිබිලා.
මම මොනවා කියන්නද ,මම අසා ගෙන සිටියා මට වෙන කරන්න දෙයක් නැහැ අසා ගෙන සිටිනවාට වඩා.
පසුව  තාත්තාව පිලිකා රෝහලට මාරැ කලා. දිනපතා තාත්තා බැලීමට යාම මගේ දින චර්යාව  උනා ,එසේම එය විය යුත්තක්.
දින සති මාස වලට හැරී  මගේ නිවාඩුව ඉවර වීමට සති දෙකක් තිබියදී තාත්තා ගෙදර එක්කර ගෙන ආවා,මාස දෙකකට ටිකක් වැඩියෙන් තාත්තා රොහලේ සිටියේ.
ගෙදරත් සතියක් පමන තමයි සිටීමට හැකි වුනේ ,තාත්තා විදවන හැටි බලා මම සිතින් හැඩුවා , දවසක දහවලේ මා ඇස්  ඉදිරියේ ගෙදර සැවෝම මැද එයාගේ සමු ගැනිම සිදු කලා.
රත්තරං තාත්තේ ඔබට නිවන් සුව !

       
       

No comments:

Post a Comment