Friday, November 18, 2016

ආදරණීය අයියේ.........
අමිමා මෙි දවස් ටිකේම අසනීපයෙන් ,අමිමා නිතරම ඔබ ගැන විමසනවා,මා කොතෙක් කීවත් ඔබට මෙි දවස් වල නිවාඩු ලබා ගැනීමට අපහසු බව ඇයට එය තේරෙන්නේ නැති හැඩයි .මොනවා කරන්නද අයියේ ඇයගේ වයසත් එක්ක බැලුවම එයා හරි මුරන්ඩුයි දැන් මම කියන එක පිලිගන්නේම නැහැ.
ඔබ ගිය වර එවු මුදල් අමිමාට බෙහෙත් ගන්නත් මදි වුනා,මොනවා කරන්නද මම මගේ අරැන්ගල් දෙක පොලී මුදලාලිගේ කඩෙිට උකස් කලා,අයියේ ඒ ගැන ඔබ දුක් වෙන්න එපා පසුව අපට බැරියැ එය බෙිරා ගැනීමට
දිගු හුස්මක් ගත් සිරිපාල ලිපියේ ඉතුරු ටික නොකියාම ඉද ගෙන සිටි බංකුවේ පසකින් ලිපිය තැබුවා.
සර්කස් මඩුවෙි විකටයා සිරිපාල නෙතට ආ කදුලු පරිස්සමෙන් පිසදා ගත්තා මුහුනේ ඇදි සායමි බොද වෙි යයි බියෙන්
දුක් සුසුම් වා රැලි සමග මුසු වුවත් දුකින් හදවත හඩා වැටුනත්
මුහුනේ ඇති සායමි මත ඇදි සිනහව එසේම තිබුනා.
  මුදලාලි ගෙන් සල්ලි ටිකක් ඉල්ලලා බලන්න ඔිනෙ ,ඔහු තමාටම කියා ගත්තා
ගිය වර ඉල්ලු විටත් මුදලාලි ඇගට කඩා පැන්න නිසා ඒ ගැන වැඩි විශ්වාසයක් නොතිබුනත් නැවත වරක් ඔහුට කියා බලනවා  ඔහු සිතුවා.
අමිමා ලෙඩ ඇදේ ඉන්නා සැටි,අමිමා බලා ගන්නා නංගී ඔහුට මැවී පෙනුනා
මම කී දාහක් සිනහගන්වමින්  කුල්මත් කරනවද ?
ඒත් මගේ දුකට මා සමග හඩන්න අඩු තරමෙි ඇයිද කියා අසන්නවත් කවුද ඉන්නේ ඔහුට සිතුනා.

No comments:

Post a Comment