Tuesday, November 8, 2016

ඔහුනගේ  මුහුණු වල සිනහවක් තිබුනේ නැහැ,එසේම එම මුහුණු වල වෙිදනාවක්ද මම දැක්කේ නැහැ.
සැප දැක නොමැති දුකට දුක  ලෙස නොපවසන ,ඉපිද හැදී මැරෙනා තුරාම දුක විදින ජීවිත.
     මම සෙමින් සෙමින් ඇවිදගෙන ගියා තැන තැන කුණු කසළ
පිරුණු වීථි දිගේ
    කුණු කාණු වලින් හමනා දුඟද මගේ නාසය පසාරු කරගෙන
ගියත් එම වීදි වල වසන්නන්ට එය සාමාන්‍ය දෙයක් වුනා,දුගඳට හුරැ වු ජීවිත ......
    වීථියේ පහන් කණුවකට බරදී අවට විපරමින් බලන
දරැවෙකුට මාගේ නෙත ඇදී ගියා.
නිරැවත වැසුණු මුත් එය ඇදුමක් ලෙස කිව නොහැකි ලෙස
ඉරැනු කුණු වැකුණු ,එය ඔහු සතු එකම සමිපත.
පහන් කණුවට මුවා වී කුතුහලයකින් ඔහු බලනා දෙස මමද බැලුවා .
   දරැවා බලමින් සිටියේ.................

No comments:

Post a Comment