Monday, November 7, 2016

මගේ ළමා කාලයේ ,මට සිතෙන්නේ මට අවුරුදු හතක් හෝ අටක් වන විට, ඒ කාලයේ දී මගේ අම්මා  මාව ගෙන ගොස් බාර දුන්නා ගමෙි තිබුණු ඉංග්‍රීසි පන්තියට පුතේ ඉගෙන ගනින් ඉංග්‍රීසි ටිකක් කියා,ඒ කාලයේ අපට කියා ගෙයක් දොරක් තිබුනේ නැහැ අපි හිටියේ කුලියට ගත් ගෙයක එය ගමෙි පාර අයිනට වෙන්නට තිබුනා,ඒ අසලම වගේ තමයි තිබුනේ අර මා ගිය ඉංග්‍රීසි  පන්තිය.
සිල්වා සර් පංතියේ ඉංග්‍රීසි ගුරැතුමා හරිම සැරයි අතේ වෙිවැල වරදින්නෙම නැහැ,වරදින එක වචනයකට එක කෝටු පාර බැගින් මගේ අම්මේ  මම කොචිචර ගුටි කන්න ඇතිද,මට මතකයි මම හොටු හුර හූරා අඬනවා ,හැබැයි කොච්චර ඇඬුවත්  කෝටුවෙන් තලන එකනම් එයා නැවැත්වූයේ නැහැ.
මම ඒ දවස් වල පාසල් ඉවර වී ගෙදර එන්නේ පුදුම බයකින්
මොකද හවසට ඉංග්‍රීසි පන්තියට යන්න තිබු බය.
  අනේ මම දකින්නේ දැන් දරුවන් ඉංග්‍රීසි ඉගෙන ගන්නා ආකාරය වෙිවැලක් කෝටුවක් පෙනෙන තෙක් මානයක නැහැ.
අනේ මා ඉගෙන ගත් අවදියේ එසේ වුවානමි කියා මට සිතුනා .
ඇත්තටම මට හොදට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට නොහැකි වුනා .
මට බොහෝ විට අමතක වුනා,ඒ අර කෝටු පාරවල් වල සැරට.
කෙසේ හෝ කාලය පියාබා ගියා මමද උස් මහත් වුනා  සිල්වා සර් ද වයසට ගියා.
මෙි කාලයේ අපි හිටපු කුලී ගෙදරට සමු දුන්නා,මන්ද මගේ තාත්තා වගා කරමින් සිටි ඉඩමක කුඩා නිවසක් සාදා ගෙන අපි තිදෙනා එනමි අම්මා  තාත්තා සහ මම පදිංචියට ගියා.
අද එතන නවීන පන්නයේ නිවසක් ඉදිවෙමින් පැවතුනත් එදා
ගොම මැටි ගා ගෙබිම සැරසු පොල් අතු සෙවිලි කල ඒ පුංචි ගෙදරට මම තවමත් ආදරෙයි.
දින සති මාස අවුරුදු  වලට හැරුණා  මා පාසල් දිවියට සමුදුන්නා තරමක් හොද ඉගෙනීමක් සමගින් පසුව රජයේ රැකියාවක් ලබා ගැනීමට හැකිවුනා ගමෙන් පිට වුනා.
දිනක් මට රැකියා ස්ථානයෙන් ලැබුනු නිවාඩුවක් මත ගමට පැමිනියා ,එසේ එන මාර්ගයේ දුරටම මා දුටුවා හැරමිටියක වාරැවෙන් සෙමින් සෙමින් පිය නගනා මිනිස් රැවක්,මාද ඔහුද සෙමින් සෙමින් එකි නෙකා ලගට පැමිනුනා,මම අදුර ගත්තා ඔහුව ඒ අර මගේ ඉංග්‍රීසි ගුරැතුමා සිල්වා සර්.
සර් මම සුගත් සර්ට මතක ඇතිනෙ මාව.ආ මොකද මට මතක නැත්තේ එතුමා  පිලිතුරැ දුන්නා
සර් මෙි කොහේද යන්නේ මගේ ඊලග පැනය  වුනා
සුගත් මම දැන් ඉන්නේ ඔයාගෙ ගෙදරට එහා තියෙන පුංචි ඉඩමෙි තියෙන පැලේ ,හොදයි සර් මම යන්නමි මම සෙමින් කිවිවා.
ගෙදර ඇවිත් මම අම්මාගෙන් අසුවා,මොකද අම්මේ  අර සිල්වා සර් අර පැලේද දැන් ඉන්නෙ  ?
ඔවි පුතේ පෙලක් වෙලාවට කන්නත් නැහැ අපිත් කෑම ගිහින් දීල තියෙනවා ගමෙි සමහර උදවියත් උදව් කරනවා.
කාලය නැවතත් ගමන් කලා මමත් මගේ රැකියාවෙි කාර්ය බහුල  වුනා නැවතත් ලැබුනු නිවාඩුවක් මත ගමට පැමිණියා.
හවස් වරැවෙි ගෙදර අප සියලු දෙනා කතා කරමින් සිටින අතර අම්මා  හඬ අවදි කළා .පුතේ සිල්වා සර් මලා
මම ටික වෙලාවකට නිරැත්තර වුනා
අම්මා  දිගටම කියා ගෙන යනවා මිනිය හමිබවුනේ ගේ ඇතුලේ තිබිලා දවස් තුනක් විතර එහෙමිම තිබිලා වැස්ස සීතල බඩගින්න අවසානයකට අරන් ගිහිල්ලා.....

2 comments:

  1. කතාව කියවගෙන යද්දි මටත් මතක් උනා කීස් කන සද්දෙට ඒ කාලෙ කාපු වේවැල් පාරවල් my country ගැන එහෙම කතාව වැරද්දුවම .මම හිතන්නෙ මට නම් හීනෙනුත් පෙනුණද කොහෙද ඉංගිරිසි ටීචර් වේවැලත් ඇරගෙන අපේ ගෙදරට එන කන්ද නගිනවා පාඩම් ගන්න .හැබයි ඉතින් ඒ මතකයන්ට පින් සිද්ද වෙන්ඩ තමා අද යන්තං ඉංගිරිසි ටිකක් තලා ගන්නෙ .
    කොහොම උනත් කටිං ,වචනෙන් බැරි නං වේවැලෙන් හරි ලීලේ පාලා,මුන්ට ශිල්ප දෙන්ඩ ඕනෙ කියල හිතපු පරමාදර්ශී ගුරුතුමා නං දැන් ඉතිං නෑ .එහෙම අයට ඉතිං මේ පරිබෝජනවාදී සමාජයේ ඉන්ඩත් බෑ .ඒක හින්ද වෙන්ඩැති කතාව කියවල ඉවර වෙන කොට ,සුනිල් එදිරිසිංහ මහත්තයාගෙ "පැන මඩ කඩිති "සිංදුවේ අන්තිම පේලි ටික මතක් උනෙ .
    'ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා
    ලොකු හාමිනේ ඇත බිතුසිතුවමක් වෙලා '

    ReplyDelete
  2. ස්තුතියි,ඔබගේ විවෙිචනාත්මක මතයට,මෙයින් ඔබගේ අතීතයට යාමට හැකි වීම ගැන මම සතුටු වෙනවා මන්ද අප සැවෝටම තිබෙන නිසා සතුට දුක මුසුකල මතකයන්

    ReplyDelete